මහවැව නගරයේ වෙළෙඳසැල් සංකීර්ණයක ගින්නක්

කොළඹ – හලාවත මාර්ගයේ මහවැව නගරයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි අද (23) රාත්‍රී කාලයේ දී මෙම ගින්න හටගෙන ඇත්තේ නගරය මධ්‍යයේ පිහිටි වෙළෙඳසැල් සංකීර්ණයකයි.

ගින්න නිවීමට නගරයේ ගිනි නිවීමේ රථ, පොලිසිය ද ප්‍රදේශවාසීන් ද එක් ව තිබෙනවා.

මෙම ගින්න හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද බාධා ඇති ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ගින්න ඇතිවීමට හේතුවක් මෙතෙක් හෙළි ව නැහැ.