ඉන්ධන ඉල්ලා සේවකයින් ක්‍රියාත්මක කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ගමනා ගමන සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේ, මේ හේතුවෙන් අද දිනයේ කාර්යාල දුම්රිය රැසක් ද අවලංගු කිරීමට සිදුව ඇති බවය.













