දුම්රියක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ ශීඝ්‍රගාමී දුම්රියක් ඉලක්ක කර පිපිරීමක් සිදුකර ඇති අතර ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්වේටා බලා ධාවනය වූ දුම්රිය පාකිස්තානයේ සින්ද්-බලුකිස්තාන් දේශසීමාවට ආසන්නව සුල්තාන්කොට් ප්‍රදේශය අසලදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

මෙම වසරේ දුම්රිය ඉලක්ක කරගත් ප්‍රහාර මාලාවක නවතම ප්‍රහාර මෙය බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිපිරීමත් සමග දුම්රිය මැදිරි 6ක් පමණ පීලි පැනීමට ලක්වී තිබෙනවා.

පාකිස්තාන හමුදා නිලධාරීන් දුම්රියේ ගමන් කිරීම නිසා දුම්රිය ඉලක්ක කරන්නට ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?