දුනිත්ගේ පියා වෙනුවෙන් සංවේදී වූ ධර්මසේන

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේහේ පියා වෙනුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් සහ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර ධර්මසේන ශෝකය පළකර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් කුමාර ධර්මසේන පවසන්නේ, අභාවප්‍රාප්ත සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සැමට තම බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි.

පියෙකුගේ ආදරය වචන වලට පෙරලීමට ඉතාමත් අපහසු බව සඳහන් කරන ධර්මසේන, දුනිත්ට පවසා ඇත්තේ මේ ගෙවී යන්නේ ඔබ ශක්තිමත්ව සිටිය යුතුම කාලය බවයි.

දුනිත් ඔබ නැවතත් ක්‍රීඩා පිටියට පිවිස ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන තුරු මුළු ලංකාවක් මග බලාගෙන සිටින බවයි කුමාර ධර්මසේන සිය සටහනේ අවසානයට දක්වා ඇත්තේ.

00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
40
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?