දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි – ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි වැසි

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසන්නේ.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36