දිවි පරදුවට තබා දිවි බේරූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ (ඡායාරූප)

පොසොන් පොහොයට සමගාමී ව අනුරාධපුර – පොළොන්නරුව – දඹුල්ල ආදී වැඩි වශයෙන් බැතිමතුන් මේ දිනවල පැමිණෙන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්; ඒවා ආශ්‍රිත ව පිහිටා ඇති වැව්, ගංගා වැනි ස්ථානවල විශේෂිත පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත යි.

ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල හා තංගල්ල වශයෙන් කලාප 04ක ජීවිතාරක්ෂක පොලිස් නිලධාරින් යෙදවීමටයි පියවර ගැනුණේ.

එම මෙහෙයුම පැය 24ක් පුරා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම මෙහෙයුමෙන් පසුගිය දින කිහිපය තුළ දී අනුරාධපුරය බසවක්කුලම වැව ආශ්‍රිත ව හා දඹුල්ල කණ්ඩලම වැවෙහි දියේ ගිලී අනතුරට පත් පුද්ගලයින් 05 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත් වුණා.

එලෙස මිනිස් ජීවිත බේරාගත් පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බසවක්කුලම ජීවිත ආරක්ෂක ඒකකය වෙත ගොස් සිය ප්‍රශංසාව පිරිනැමූ බවයි වාර්තා වන්නේ.

ජුනි මස 20 වැනි දින හා 21 වැනි දින බසවක්කුලම දිය නාමින් සිටියදී වයස අවුරුදු 13ක පිරිමි දරුවෙක් සහ 19 හැවිරිදි තරුණයෙකුගේ මෙලෙස ජීවිත බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ට හැකි වුණා.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් එලෙස දිවි පරදුවට තබා ජීවිත බේරා දුන් පොලිස් නිලධාරීන් හට පොලිස් අරමුදලින් මූල්‍යමය ත්‍යාගයන් සහ ප්‍රශංසා පිරිනැමීමට ද කටයුතු කළා.

WhatsApp Image 2024 06 22 at 14.01.36 1
WhatsApp Image 2024 06 22 at 14.01.35 1
WhatsApp Image 2024 06 22 at 14.01.35
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?