Empty Ad
AFC Banner
Empty Ad

දිවයින පුරා වැසි ඇතිවිය හැකියි….

මේ දිනවල දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීමත් සමග දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දකුණු අර්ධගෝලයේ අහස වළාකුලෙන් බරව පවතින අතර ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75 ක පමණ වැසිද ඇතිවිය හැකියි.

ඒ අනූව උතුර / නැගෙනහිර / මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර / හම්බන්තොට / අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලටද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුලං සහ අකුණූ අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?