අලුත් අවුරුදු සමයේ දී දිවයින පුරා ආහාර සහ වෙළඳසැල් පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
පසුගිය දින 13 තුළ සිදුකළ මෙහෙයුම්වල දී වෙළෙඳසැල් 817කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි එම සංගමය සඳහන් කළේ.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ අදාළ මෙහෙයුම් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක් පමණ යොදාව ඇති බවයි.
මෙතෙක් සිදුකළ වැටලීම් යටතේ ආයතන 11,064ක් පරීක්ෂාවට ලක් කර ඇත අතර, එහිදී ආහාර අත් අඩංගුවට ගැනීම් 3045ක්,ආහාර විනාශ කිරීම් 2,299ක් සහ නඩු පැවරීම් 817ක් සිදුකර ඇති බවයි එම සංගමය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













