දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරියේදී තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36ට අදාළව කාලගුණ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බව එම කාලගුණ නිවේදනයේ සඳහන්වනවා.

තද සුළං මඟින් ඇතිවිය හැකි අනතුරු අවමකර ගැනීමට අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඉදිරිපැය 36 තුළ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවටත් කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?