දිවයිනේ ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ (17) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයිනේ ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වන බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?