AFC Banner
Empty Ad
Empty Ad

දිය නෑමට ගිය 15 හැවිරිදි දරුවෙක් කිඹුලෙකු ඩැහැගනී

ඊයේ (27) දිනයේ සාම්පූර් පොලිස් වසමේ ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් වයස අවුරුදු 15ක දරුවෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ බව පොලීසිය පවසයි.

සාම්පූර් පොලීසිය සඳහන් කළේ පොලිස් නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවය.

මේ අතර ඊයේ හසලක ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය 43 හැවිරිදි පියෙකු සහ 13 හැවිරිදි ඔහුගේ පුතා අතුරුදහන් වී තිබේ.

පසුව පුත්‍රයාගේ සිරුර සොයාගෙන ඇත.

පියා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?