දියර පොහොර කර්මාන්තශාලාවේ ඇතුල් පැත්ත…

රට තුල රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග ගොවි ජනතාව හට ඔහුන්ගේ වගා කටයුතු දිගින් දිගටම සිදු කිරීමට හා ආර්ථික දියුණුවක් වශයෙන් වියාපාර ලෙස කාබනික දියර පොහොර කර්මාන්තශාලා ඉදි කොට හිගයකින් තොරව දියර පොහොර ලබාදීමට එම කර්මාන්තශාලා දිවයිනේ විවිද ප්‍රදේශවල නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකලා .මිට දින කිහිපයකට කලින් මේ සම්බන්දව දිවයිනේ ඇතැම් ගොවි ජනතාව මේ සම්බන්දව මැසිවිලි නගන්නට වුණාගොවි ජනතාවගේ චෝදනාව වුයේ මෙම කාබනික දියර පොහොර ප්‍රමිතියෙන් බාල බවින් යුක්ත නිසා දුර්ගන්දය මෙන්ම මෙම දියර කෑන් පුපුරා යන බවයි.කෙසේ වෙතත් මේසම්බන්දව සොයා බැලීම සදහා අපි මෙවැනි දියර පොහොර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් සොයා ගියා.

මේ කාබනික දියර පොහොර කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ පොලොන්නරුව දිස්ත්රික්කයේ හතරස්කොටුව ප්‍රදේශයේ කවුඩුල්ල රක්ෂිතයට මායිම්ව මාළු නිස්ශේදන කොටස් එකතුකර ගනිමින් ඒවා කර්මාන්තශාලාවට ගෙනවිත් යන්තරනුසරයෙන් අබරා විවිද ක්‍රියාකාරකම් ඔස්සේ අවසානයේ දියර පොහොර ලෙස බහලුම්ගත කරනු දැකගැනීමට හැකි වුණා.

මෙම කර්මාන්තශාලාවේ නිලධාරීන් පෙන්වා දෙන ආකාරයට මෙය කිසිදු අයුරකින් මිනිසුන් හට අහිතකර ද්‍රවණයක් නොවන බවත් ඊට උදාහරණ හා සාක්ෂි තම කර්මාන්තශාලාව තුලද ඇති බවත්ය.මෙම නිලධාරීන් පවසා සිටින්නේ තත්වයෙන් බාල බවකින් යුත් ඇතැම් කෑන් දියර පිරවීමෙන් පසු කාන්දු වීම් දැකගැනීමට හැකි බවක් හා මෙම දියර පොහොර කෑන් පිපිරීම් සාමාන්‍ය තත්වයක් යටතේ ඉතාම අවම මට්ටමේ සිදුවීම සාමාන්‍ය තත්වයක් බවත්ය .

  1. අපේ රටේ වී වගාව සිදූකරන ගොවීන් සියලුම දෙනා කුඹුරුවල බැස තම වගා කටයුතු සිදුකරන අතර මේවායෙදූ කුඹුරුවල සහ කොළඹ කුනු කානුවක වෙනසක් නැත. අවසාන වශයෙන් සිදුවන්නේ ගොවිමහතුන් විශාල වශයෙන් පාද ආශ්‍රිත චර්ම රෝග වලට ගොදුරු වීමයි. ටයි පොලු බැඳන් සාකාච්ඡා මේසයේ වාඩිවන තම දියුණුව සඳහා පමණක් රාජ්‍ය සේවය යොදාගන්නා ගොබය වියතුන්ගෙන් නොව දිවයිනේ නන් දෙසින් කැඳවූ සාර්ථක කාර්යශුර සැබෑ ගොවිමහතුන් සමග සාකච්ඡා කලානම් මෙවන් නින්දිත සහ කෘතිමව ක්ෂණයකින් නිර්මාණයවූ විපතක් සිදු නොවේ. පන්ඩිතයින්ට ඒ දඬු කඳේ යා නොහැකි බව නැවත වරක් රැවටී වඩම්මවා ගත් “සුපිරි වැඩකරු” ඔප්පු කර හමාරයි !

  2. නන්දසේනයා සහ කට කබර්‍යා ගෙහුං බලපියව් මේවා.කුරිසිකරුමෙ මහ එකා කීව නේද ඇමෝනියා වැඩිකමටයි කියල බූලි පුපුරන්නෙ.අනේ අර අහිංසක ගොවියො???

  3. MAALU DAALA HADANA DIYARA POHORA BOHOMA HONDAI GUNAATHMAKA BAWIN. . HAMA DEEMA KADAAKAPPAL KARANNA INNA,, “” SIYALLA DATH,, EETH NOHAKIYAWEN PEEDANAYA TA PATH WOO AYA””MEEWA VINAASHA KIREEMA GANA ATHTHENMA KANAGAATUI WENAWA…