AFC Banner
Empty Ad
Empty Ad

දින 50ක බිලිඳිය මරා සිය දිවි නසා ගන්න ගිය ගුරුවරිය

දින පනහක සිය බිලිඳියට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සාහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය බිලිඳිය ඝාතනය කිරීමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් භාරවී ඇති අතර පෙරේදා (5දා) රාත්‍රියේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලිස් වසමේ ශාවස්තිපුර ඉහළ වැව, අලුත්වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ගුරුවරියක විසින් දින පනහක් පමණ වන බිලිඳියට තියුණු ආයුධයකින් ගෙලට කොටා මරාදමා තිබෙන බවත් අනතුරුව ඇය මාර්ගයේ ගමන් කළ බස් රියක නැඟී ගල්නෑව පොලිසියට ගොස් දියණිය මරාදැමූ බව පවසා ඇති බවත් සඳහන්. ඇගේ සැමියා දුරකථනයට රීචාර්ජ් කාඩ් පතක් රැගෙන ඒමට වෙළෙඳසලකට ගිය අවස්ථාවේ ඇය බිලිඳියගේ ගෙලට තියුණු ආයුධයෙන් පහරදී තිබෙන බවත් අඟල් තුනක පමණ කැපුම් තුවාලයක් ගෙලෙහි ඇති බවත් පොලිසිය පවසයි. ඝාතනය සිදුකළ ගුරුවරිය දරුවා ලැබීමෙන් පසුව දැඩි මානසික පීඩනයකට පත්වී සිටි කාන්තාවක බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා. 

සැමියා මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා කිසිදු සහයෝගයක් නිවෙසේදී නොලැබෙන බවත් ඒ නිසා බිලිඳිය මරාදැමූ බව ඇය පොලිසියට අනාවරණය කර තිබූ අතර සිද්ධිය සිදුකරනා අවස්ථාවේ සිය මව හා පියාත් කිසියම් කටයුත්තකට නිවෙසෙන් බැහැරව සිටි බව ඇය පොලිසියට පවසා තිබුණා. බිලිඳියගේ ගෙලට පොරවකින් පහරදුන් බවට ඇය පැවසුවත් පිහියක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙන බව පොලිසිය පවසයි. දරුවා ලැබීමෙන් පසුව සිය ලේලිය මානසික ආතතියකට ලක්ව සිටි බවත් ඇයව මානසික වෛද්‍යවරයකුට යොමු කිරීමට ඊයේ (6දා) නියමිතව තිබූ බව ඝාතනයට ලක්වූ බිලිඳියගේ සීයා පවසා සිටිනවා.

 සැකකාරිය විසින් බිලිඳිය මරා දැමුවත් ඇය එවැනි සිදුවීමක් සිදුකළ බවක් මතකයේ නැති බව පොලිසියට පාපෝච්චාරණය කර තිබුණා. අත්අඩංගුවට ගත් 29 හැවිරිදි උපාධිධාරි ගුරුවරිය ඊයේ (06දා) මිනීමැරීමේ චෝදනාවට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?