දින 50ක බිලිඳිය මරා සිය දිවි නසා ගන්න ගිය ගුරුවරිය

දින පනහක සිය බිලිඳියට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සාහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය බිලිඳිය ඝාතනය කිරීමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් භාරවී ඇති අතර පෙරේදා (5දා) රාත්‍රියේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලිස් වසමේ ශාවස්තිපුර ඉහළ වැව, අලුත්වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ගුරුවරියක විසින් දින පනහක් පමණ වන බිලිඳියට තියුණු ආයුධයකින් ගෙලට කොටා මරාදමා තිබෙන බවත් අනතුරුව ඇය මාර්ගයේ ගමන් කළ බස් රියක නැඟී ගල්නෑව පොලිසියට ගොස් දියණිය මරාදැමූ බව පවසා ඇති බවත් සඳහන්. ඇගේ සැමියා දුරකථනයට රීචාර්ජ් කාඩ් පතක් රැගෙන ඒමට වෙළෙඳසලකට ගිය අවස්ථාවේ ඇය බිලිඳියගේ ගෙලට තියුණු ආයුධයෙන් පහරදී තිබෙන බවත් අඟල් තුනක පමණ කැපුම් තුවාලයක් ගෙලෙහි ඇති බවත් පොලිසිය පවසයි. ඝාතනය සිදුකළ ගුරුවරිය දරුවා ලැබීමෙන් පසුව දැඩි මානසික පීඩනයකට පත්වී සිටි කාන්තාවක බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා. 

සැමියා මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා කිසිදු සහයෝගයක් නිවෙසේදී නොලැබෙන බවත් ඒ නිසා බිලිඳිය මරාදැමූ බව ඇය පොලිසියට අනාවරණය කර තිබූ අතර සිද්ධිය සිදුකරනා අවස්ථාවේ සිය මව හා පියාත් කිසියම් කටයුත්තකට නිවෙසෙන් බැහැරව සිටි බව ඇය පොලිසියට පවසා තිබුණා. බිලිඳියගේ ගෙලට පොරවකින් පහරදුන් බවට ඇය පැවසුවත් පිහියක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙන බව පොලිසිය පවසයි. දරුවා ලැබීමෙන් පසුව සිය ලේලිය මානසික ආතතියකට ලක්ව සිටි බවත් ඇයව මානසික වෛද්‍යවරයකුට යොමු කිරීමට ඊයේ (6දා) නියමිතව තිබූ බව ඝාතනයට ලක්වූ බිලිඳියගේ සීයා පවසා සිටිනවා.

 සැකකාරිය විසින් බිලිඳිය මරා දැමුවත් ඇය එවැනි සිදුවීමක් සිදුකළ බවක් මතකයේ නැති බව පොලිසියට පාපෝච්චාරණය කර තිබුණා. අත්අඩංගුවට ගත් 29 හැවිරිදි උපාධිධාරි ගුරුවරිය ඊයේ (06දා) මිනීමැරීමේ චෝදනාවට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23