පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වන විට දින 100ක කාලයක් තුළ නීති කණ්ඩායම හමු වී නැතැයි ඔහුගේ සමීපතමයෙක් උපුටා දක්වමින් ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ් අඩවිය වාර්තා කරනවා.
මෙම තත්ත්වය ඔහුට එරෙහිව නිසි ක්‍රියාදාමය සහ දැනට ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ගවල සාධාරණත්වය පිළිබඳව නව කනස්සල්ලක් මතු කරයි.
ඔහුගේ විත්තිකාර නීතිඥයින් හමුවීමට අවසර නොදීමට අමතරව, ඛාන් හුදකලා සිරකඳවුරක රඳවා සිටින අතර මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු ආකාරයක අමුත්තන්ට ද ඔහු හමුවීමට ලැබී නැහැ.
ඛාන්ගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ප්‍රකාශකයෙකු සහ සමීප සහායකයෙකු වන සයිඩ් සුල්ෆිකාර් බුහාරි ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙත පවසා ඇත්තේ බාහිර ලෝකයෙන් කපා හැර ඇති ආකාරය දැකීම “හද කම්පා කරවන” බවයි.



