Empty Ad
Empty Ad
AFC Banner

දින 06ක් පුරා පැවති වැස්සෙන් 13ක් මරුට – පුද්ගලයින් හාරලක්ෂය ඉක්මවා අවතැන් වෙයි

දින 06කට ආසන්න කාලයක් තිස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙහි ඛේදනීය ම සිදුවීම වාර්තා වූයේ නොවැම්බර් මස 25 වැනිදා රාත්‍රියේ දී අම්පාර දිස්ත්‍රික්කයේ කාර්තිව් – නින්දවූර් – මාවඩිපල්ලි පාලම් ප්‍රදේශයේ දියි.

එම පාලම සම්පූර්ණයෙන් ම ගංවතුරට හසුව ඇති පසුබිමක දී මද්‍රසා පාසල් කටයුතු අවසන් කළ සිසුන් රැගත් ට්‍රැක්ටර් රථයක් මහ ජල පහර මැදින් ගමන් කර තිබෙනවා.

එහිදී ජල පහරේ පීඩනය හේතුවෙන් ට්‍රැක්ටරය පෙරලුණු අතර එහි ගමන් කළ මගීන්ගෙන් 06 දෙනෙකු අතුරුදන් වුණා.

දෙදිනක් පුරා ඔවුන්ගේ සිරුරු සොයා විශේෂ මෙහෙයුම් කළ අතර ඊයේ (28) පස්වරුව වන විට එහි ගමන් කළ සිසුන් තිදෙනෙකුගේ සහ ට්‍රැක්ටර් ‍රථයේ රියදුරු සහ එහි සාහයකගේ සිරුරු හමු වූ බවයි වාර්තා වූයේ.

නමුත් තවත් එක් සිසුවෙකුගේ සිරුරක් මෙතෙක් සොයාගෙන නැහැ.

මීට පෙර බණ්ඩාරවෙල නගරයේ ද නිවසක් මතට බැම්මක් කඩා වැටීමෙන් කාන්තාවකට ජීවිතය අහිමි වුණා.

ඊයේ දහවල් වව්නියාව – මහකච්චකොඩිය, ඒරුපතාන වැවේ වාන් දැමීම නැරඹීමට ගිය තරුණයෙකු වානට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මේ ආකාරයට දිවයින පුරා අයහපත් කාලගුණයෙන් පුද්ගලයෙකු අතුරුදන් ව තවත් 13 දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර නායයෑම්, පස්කඳු කඩාවැටීම් ආදියෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 17ක්.

අවතැන් කඳවුරු 345ක පීඩාවට පත් පුද්ගලයින් 401,707 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

පූර්ණ නිවාස හානි 102ක් හා අර්ධ නිවාස හානි 1952ක් ද වාර්තා වනවා.

විනාශ වූ කුඹුරු හෙක්ටයාර 64000ක්.

මෙවර අයහපත් කාලගුණයෙන් වැඩි බලපෑමක් උතුරු – නැගෙනහිරට එල්ල වූ අතර එම ප්‍රදේශයේ වැව් 30ක කැඩී විනාශ වුණා.

ඒ අනුව වික්ටෝරියා, රන්ටැඹේ, කොත්මලේ, කාසල්රී, දැදුරු ඔය, පරාක්‍රම සමුද්‍රය, රාජාංගණය ආදී ජලාශවල වාන් දොරටු සියල්ලම විවෘත කෙරුණා.

එහිදී වාන් දැමීම සිදු වුණු අතර අවට පහත්බිම්වල ජනතාව ගංවතුරෙන් අවතැන්භාවයට පත් වුණා.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් මෙරට පිහිටි වැව් 106ක් විනාශ වී ඇති බවත් වාර්තාවල සඳහන්.

අවතැන් වූ සියලුදෙනාට අවශ්‍ය සහන මෙහෙයුම් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ පූර්ණ මැදිහත් වීමෙන් සිදු කෙරුණු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?