දිනූ අයිතීන් සුරකිමින්, රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු – අගමැතිනිය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (01) දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අගමැතිනියගේ නිල මුහුණුපොතේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ ⁣ 139 වන ලෝක කම්කරු දිනය සමරමු.හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දුෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරයි.

කල්ලිවාදය, දෙශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් ⁣සමස්ත දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභිත ව්‍යායාමයකි. ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හදුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජයීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට අපි මහත් වෙහෙසක් දරමින් සිටිමු.

වසර ගණනාවක් පුරා මෙරට වෙලාගත් දූෂණය හා අසාධාරණය එක රැයකින් වෙනස් කිරීම කළ නොහැකි වුව ද රජය ක්‍රමානුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් තිබේ. රාජ්‍ය, පුද්ගලික, ව්‍යවසාය, කම්කරු ඇතුළු සමස්ථ වැඩකරන ජනතාවගේ ආර්ථික බලවේගයන් ශක්තිමත් කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගන්නා ගොවි ජනතාව ශක්තිමත් කිරීමටද සුදානම්ය.

අප පසුකරමින් සිට්න්නේ ජනතාවගේ ආරක්ෂාව, ස්වාධීනත්වය, අයිතීන් ආරක්ෂා කරමින් වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ළඟා කර ගැනීමට එක්ව කැපවිය යුතු කාලයකි. දිනු අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු” යනුවෙන් එහි සඳහන්.

හරිනි අමරසූරිය,
අග්‍රාමාත්‍ය,
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය කැළඹෙයි
02:10
Video thumbnail
ලක්මාලී සභාවේ ලෙසටම උණුසුම් වෙයි.."කාටවත් කුණුහරුප කියන්න මෙතන Free License දීලා නෑ"
10:14
Video thumbnail
ප්‍රදේශය රැසකට රතු නිවේදන - ආරක්‍ෂිත ස්ථාන බලා යන්න
02:33
Video thumbnail
හරිනිව එළවන්න අනුරටත් බෑ, ට්‍රම්ප්ගේ කැමැත්ත ඕනේ..?
04:44
Video thumbnail
උලපනේ හිමි හොඳම එකෙන් දෙසයි.."රෙද්ද ක#ලා මූණ වහගත්තා වගේ වැඩක් ආණ්ඩුවට වෙලා තියෙන්නේ"
08:40
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්නේ නැත්තම් ජනපතිට තීන්දුවක් ගන්න වෙනවා
05:47
Video thumbnail
ලක්මාලි හර්ෂ එක්ක ගේම ඉල්ලයි - ඔයාලා කරලා තියෙනවද..?
02:13
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් CIDයට පැමිණිල්ලක්.."ඩෝබිලා එකතුවෙලා දිගට හරහට මට ග#නවා"
18:32
Video thumbnail
ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් දෙන්නෙක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
11:11
Video thumbnail
ආණ්ඩුවේ හොරකම චානක හෙළිකරයි
08:27


?