දිට්වා හානි කළ නිවාස සඳහා තට්ටු නිවාස

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා තට්ටු නිවාස ලබාදෙන බවත්, ඒ සදහා මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා ඉඩම් හදුනාගෙන ඇති බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා.

අමාත්‍යංශයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ආපදා හේතුවෙන් බිඳ වැටී තිබූ ජල සම්පාදන කටයුතු 95%ක් මේ වනවිට සකසා අවසන් බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියනවා. ඒ වගේම අර්ධ වශයෙන් හානි වූ නිවාස ලක්ෂයකට වඩා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම නිවාස හානි නොවුණත් තවදුරටත් ජීවත්වීමට නොහැකි ප්‍රදේශ තිබෙනවා. අනාරක්ෂිත ප්‍රදේශ තිබෙනවා. තවදුරටත් පදිංචි කිරීමට නොහැකි. මේ කටයුතු අපි පියවරෙන් පියවර අපි කරන්න ලෑස්තියි. එහිදී අපි දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා විකල්ප ඉඩම් අඳුරගෙන තිබෙනවා. ඒ බොහෝමයක් තැන්වල අපි නිවාස සංකීර්ණ ඉදිකරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් මේ කටයුත්තේ නියැලිලා ඉන්නවා අවශ්‍ය මූල්‍යම කටයුතු සම්පාදනය කරන්න. අමාත්‍යංශය ලෙස මේ නිවාස සංකීර්ණ සඳහා මූලික සැලසුම් සකස්කරමින් ඉන්නවා ඒ අදාළ නිලධාරීන් අවශ්‍ය ශිල්පීන් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් මේ ආපදාවෙන් හානි වෙච්ච නිවාසවල ජීවත්වෙච්ච පවුල් සහ ඔවුන්ගේ ජීවිත යථාවත් කරන ගමන්ම නැවත මෙවැනි අපදාවකට මුහුණ නොදෙන්න අධි අවධානම් කලාපවල ඉන්න ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීම තමයි ඉලක්කය”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?