දිට්වා සහන කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් දෙවන දිනටත් ඉවත්වෙයි

දිට්වා සහන කටයුතුවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීන් ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (28) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවක නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් එම් .කේ .ජී ජගත් චන්ද්‍රලාල් පැවසුවේ, සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

ආපදා සහන සේවා සඳහා තමන්ට ලබාදෙන බව පොරොන්දු වූ දීමනා ලබා දෙන්නැයි ඉල්ලමීන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට, සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරින්ගේ වෘත්තිය සමිති සංගමය, සංමස්ත ලංකා මධ්‍යම රජයේ තාක්ෂණික සහ සිවිල් නිලධාරින්ගේ වෘත්තිය සමිති සංගමය සහ ග්‍රාම සේවා වෘත්තිය සමිති කිහිපයක් එක්වීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !