දිට්වා වන්දි ලබා දීමට ජනපති හෙට මහනුවරට

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්‍රදානය මෙන්ම සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට සහ පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාව හෙට පෙරවරු 09.00ට කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ජනාධි මාධ්‍ය අංශය පවසනවා.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා.

කුඩා, මධ්‍යම හෝ මහාපරිමාණ ආදී භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම ව්‍යාපාරයකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම මූල්‍ය ප්‍රදානය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ගෙවීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය වශයෙන් රුපියල් ලක්ෂ 20 බැගින් චෙක් පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරෙනවා.

තමන්ටම හිමි ඉඩමක හෝ එම ඉඩමෙහිම නිවාස ඉදිකරන පුද්ගලයින් හෝ රජයේ ඉඩමක් ලබා දී එහි නිවස ඉදිකරන පුද්ගලයන් මෙම කාණ්ඩයට අයත් වනවා.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධිඅවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉඩම් ප්‍රදානය සහ වන්දි ලබා දීම හෙට (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම නිවාස අර්ධ හානි වූවන් සඳහා කඩිනම් සහන සැලසීමේ අරමුණින් වන්දි මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරෙනවා.

එම නිවාස ඉදිකිරීමේ වැඩසටහන අරඹමින්, නව නිවසක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වනවා.

මේ අතර, මහනුවර – යාපනය මාර්ගයේ (A-009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතුද හෙට (06) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම, ඉදිකිරීම් නවතා තිබූ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) පෙරවරුවේදී සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52