‘දිට්වා’ නිසා නිවාස අහිමි වූවන්ට නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය Rebuilding Sri Lanka වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර එම නිවාස ඉදිකර දීම සඳහා අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව උදා වී තිබෙනවා.

www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් හෝ 1800 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර, ඉඩම් පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු 011 2331246 යන ෆැක්ස් අංකයට ද යොමු කළ හැකියි.

ආපදාවෙන් පීඩාවට පත් කිසිදු පුරවැසියෙකු අත්නොහැර, ඔවුන්ගේ ජීවිත පැවති තත්ත්වයට වඩා උසස් මට්ටමකින් යළි ගොඩනැගීම රජයේ අපේක්ෂාවයි.

එම සහෝදර ජනතාව වෙනුවෙන් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සමඟ සක්‍රීයව අත්වැල් බැඳ ගන්නා ලෙස දිවයින පුරා සියලු පරිත්‍යාගශීලි ජනතාවට ආරාධනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?