‘දිට්වා’ නිසා නිවාස අහිමි වූවන්ට නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය Rebuilding Sri Lanka වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර එම නිවාස ඉදිකර දීම සඳහා අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව උදා වී තිබෙනවා.

www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් හෝ 1800 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර, ඉඩම් පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු 011 2331246 යන ෆැක්ස් අංකයට ද යොමු කළ හැකියි.

ආපදාවෙන් පීඩාවට පත් කිසිදු පුරවැසියෙකු අත්නොහැර, ඔවුන්ගේ ජීවිත පැවති තත්ත්වයට වඩා උසස් මට්ටමකින් යළි ගොඩනැගීම රජයේ අපේක්ෂාවයි.

එම සහෝදර ජනතාව වෙනුවෙන් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සමඟ සක්‍රීයව අත්වැල් බැඳ ගන්නා ලෙස දිවයින පුරා සියලු පරිත්‍යාගශීලි ජනතාවට ආරාධනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35