AFC Banner
AFC Banner
Empty Ad

දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට – ඝාතකයින් සොයා විමර්ශන

අද (21) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම අද අලුයම මාතර – දික්වැල්ල, වලස්ගල පොලිස් වසමේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට මෙම වෙඩි පහර එල්ල වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් 43 හැවිරිදි අයෙක් එම ස්ථානයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නමින් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මරණකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන බැවින්, මෙම වෙඩි තැබීම හා අදාළ කප්පම් ගැනීමේ සිද්ධිය අතර යම් සම්බන්ධතාවක් පවතී ද යන්න සොයා බැලීමට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ T56 වර්ගයේ ගිනිඅවියක්.

ඝාතකයින් සොයා දික්වැල්ල පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?