දික්ඔය කපා පුළුල් කරන්න – වතු කම්කරුවන් විරෝධතාවක (ඡායාරූප)

කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ කපා පුළුල් කරන ලෙස බල කරමින් පීඩාවට පත් වතු
කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත ව තිබෙනවා.

අද පෙරවරුවේ මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ හැටන් ඩයගම ප්‍රධාන මාර්ගයේ පොඩයිස් මංසන්ධියේ දියි.

හැටන් දික්ඔය පොඩයිස් වතුයායට අයත් පොඩයිස්, බාත්කොඩ් ඇතුළු වතු කිහිපයක වතු කම්කරුවන් පදිංචි නිවාස දික්ඔය ඇළ මාර්ගය ආසන්නයේ පිහිටා ඇති බවත්, අධික වර්ෂාව පවතින කාලවල දී දික්ඔය ඇළ පිටාර ගැලීම නිසා තම නිවාස අඩි කිහිපයක් ජලයෙන් යටවන බවත් විරෝධතාකරුවන්ගෙන් බලධාරින්ට එල්ල වන බරපතළ චෝදනාවයි.

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දික්ඔය ඇළ මීට වසරකට පමණ ප්‍රථම වතු නිවාස ජලයෙන් යටවීම වැළැක්වීමට ඇළ පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කළ ද, වතු පාලන අධිකාරිය මගින් අධිකරණ ක්‍රියාදාමයක් මගින් එම ඇළ මාර්ගය පුළුල් කිරිමේ කටයුතු තාවකාලික ව නතර කර තිබෙනවා.

මේ හේතුවෙන් මේ දිනවල පවතින වර්ෂාවත් සමග තම පදිංචි නිවාස ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

දික්ඔය ඇළ කාලයක් තිස්සේ තෘණ වැවී; රොන් මඩවලින් පිරී ඇති නිසා වැසි ජලය එම ඇළ දිගේ රිසි සේ ගලා නොයෑම නිසා තම නිවාස ජලයෙන් යට වන බවත්, එම ඇළ මාර්ගය වතු පාලන අධිකාරියට අයත් නොවන බවත්, ඇළ මාර්ගය අයිති වන්නේ ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයාට බවත්, ඒ අනුව වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කර දික්ඔය ඇළ කඩිනමින් පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර වතු නිවාස ජලයෙන් යටවීම වළක්වාලීමට පියවර ගන්නා ලෙසයි උද්ඝෝෂණයේ නියැලෙමින් වතු කම්කරුවන් කියා සිටියේ.

01 2 1 scaled
01 3 1 scaled
01 7 scaled
02 1 1
02 2 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?