දික්ඔය කපා පුළුල් කරන්න – වතු කම්කරුවන් විරෝධතාවක (ඡායාරූප)

කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ කපා පුළුල් කරන ලෙස බල කරමින් පීඩාවට පත් වතු
කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත ව තිබෙනවා.

අද පෙරවරුවේ මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ හැටන් ඩයගම ප්‍රධාන මාර්ගයේ පොඩයිස් මංසන්ධියේ දියි.

හැටන් දික්ඔය පොඩයිස් වතුයායට අයත් පොඩයිස්, බාත්කොඩ් ඇතුළු වතු කිහිපයක වතු කම්කරුවන් පදිංචි නිවාස දික්ඔය ඇළ මාර්ගය ආසන්නයේ පිහිටා ඇති බවත්, අධික වර්ෂාව පවතින කාලවල දී දික්ඔය ඇළ පිටාර ගැලීම නිසා තම නිවාස අඩි කිහිපයක් ජලයෙන් යටවන බවත් විරෝධතාකරුවන්ගෙන් බලධාරින්ට එල්ල වන බරපතළ චෝදනාවයි.

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දික්ඔය ඇළ මීට වසරකට පමණ ප්‍රථම වතු නිවාස ජලයෙන් යටවීම වැළැක්වීමට ඇළ පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කළ ද, වතු පාලන අධිකාරිය මගින් අධිකරණ ක්‍රියාදාමයක් මගින් එම ඇළ මාර්ගය පුළුල් කිරිමේ කටයුතු තාවකාලික ව නතර කර තිබෙනවා.

මේ හේතුවෙන් මේ දිනවල පවතින වර්ෂාවත් සමග තම පදිංචි නිවාස ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

දික්ඔය ඇළ කාලයක් තිස්සේ තෘණ වැවී; රොන් මඩවලින් පිරී ඇති නිසා වැසි ජලය එම ඇළ දිගේ රිසි සේ ගලා නොයෑම නිසා තම නිවාස ජලයෙන් යට වන බවත්, එම ඇළ මාර්ගය වතු පාලන අධිකාරියට අයත් නොවන බවත්, ඇළ මාර්ගය අයිති වන්නේ ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයාට බවත්, ඒ අනුව වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කර දික්ඔය ඇළ කඩිනමින් පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර වතු නිවාස ජලයෙන් යටවීම වළක්වාලීමට පියවර ගන්නා ලෙසයි උද්ඝෝෂණයේ නියැලෙමින් වතු කම්කරුවන් කියා සිටියේ.

01 2 1 scaled
01 3 1 scaled
01 7 scaled
02 1 1
02 2 1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30