දැරියකට අයුතු යෝජනාවක් කළ ලාංකික සිසුවාට ඕස්ට්‍රේලියාවේදී ලැබුණු දඬුවම

යොවුන් වියේ දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැනුම් දෙන බවට තර්ජනය කළ ඔස්ට්‍රෙලියාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට වසර දහතුනහමාරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වූ 24 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයා බාල වයස්කාර දැරියන් සම්බන්ධයෙන් අමානුෂිය ලෙස කටයුතු කර ඇති බවයි වික්ටෝරියා අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

දැරියන්ගේ ඡායාරූප හා වීඩියෝ ලබාගෙන තවදුරටත් එවැනි දෑ එවන ලෙස බලපෑම් කරන ඔහු එසේ නොවුනහොත් ඔවුන්ගේ දෙමාපියන් වෙත මුල් ඡායාරූප යැවූ අවස්ථා ද පැවති බව සඳහන්.

මෙම ශ්‍රී ලාංකික ශිෂ්‍යයාට එරෙහිව චෝදනා 25 ක් ගොනුකර තිබූ අතර, ළමා ලිංගික අපචාරවලට සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ පට ළඟ තබාගැනීම ඊට ඇතුළත්.

ඔස්ට්‍රෙලියාවේ ඩේකින් විශ්වවිද්‍යාලයට අනුබද්ධව සිටිමින් එරට සේවය කිරීමට ද වරම් ලැබූ මෙම ශිෂ්‍යයාට නියමවී ඇති වසර 13 හමාරක සිර දඬුවමෙන් වසර 8 ක් යනතුරු සහනයක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ නොහැකියි.

දඬුවම් කාලසීමාව නිමා වූ පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවයි අධිකරණය දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?