දැරියකට අයුතු යෝජනාවක් කළ ලාංකික සිසුවාට ඕස්ට්‍රේලියාවේදී ලැබුණු දඬුවම

යොවුන් වියේ දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැනුම් දෙන බවට තර්ජනය කළ ඔස්ට්‍රෙලියාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට වසර දහතුනහමාරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වූ 24 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයා බාල වයස්කාර දැරියන් සම්බන්ධයෙන් අමානුෂිය ලෙස කටයුතු කර ඇති බවයි වික්ටෝරියා අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

දැරියන්ගේ ඡායාරූප හා වීඩියෝ ලබාගෙන තවදුරටත් එවැනි දෑ එවන ලෙස බලපෑම් කරන ඔහු එසේ නොවුනහොත් ඔවුන්ගේ දෙමාපියන් වෙත මුල් ඡායාරූප යැවූ අවස්ථා ද පැවති බව සඳහන්.

මෙම ශ්‍රී ලාංකික ශිෂ්‍යයාට එරෙහිව චෝදනා 25 ක් ගොනුකර තිබූ අතර, ළමා ලිංගික අපචාරවලට සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ පට ළඟ තබාගැනීම ඊට ඇතුළත්.

ඔස්ට්‍රෙලියාවේ ඩේකින් විශ්වවිද්‍යාලයට අනුබද්ධව සිටිමින් එරට සේවය කිරීමට ද වරම් ලැබූ මෙම ශිෂ්‍යයාට නියමවී ඇති වසර 13 හමාරක සිර දඬුවමෙන් වසර 8 ක් යනතුරු සහනයක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ නොහැකියි.

දඬුවම් කාලසීමාව නිමා වූ පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවයි අධිකරණය දන්වා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42
Video thumbnail
දෙයිහාමුදුරුවනේ විපක්ෂයේ ඉද්දි තිබ්බ මොළේ කෝ ? - බීඩි සරතෝ ඇයි රජ‍රට ගොයියෝ නැද්ද ?
04:13
Video thumbnail
ආණ්ඩුව වට්ටන්න අපිට හදිසියක් නෑ - ආණ්ඩුව කොළේ වහලා ග#න්නේ මේ..අනුරට ලොකු වැරැද්දක් වෙනවා
04:43
Video thumbnail
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් ඇතිකරගෙන
10:10
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44