දැන් ආණ්ඩුවේ ඉතිරි වී ඇත්තේ කයියයි, ගඳයි විතරයි (VIDEO)

නැගෙනහිර පර්යන්තය විකිණීම දේශීයත්වය සුරක්ෂා කිරීමක්, ආරක්ෂා කිරීමක්, පෝෂණය කිරිමක්, නිෂ්පාදනය ඉහළ දැමීමක් වන්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්නාර්ථයක් පවතින බවත්, දැන් ආණ්ඩුවේ ඉතිරි වී ඇත්තේ කයියයි, ගඳයි පමණක් බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ අද (01) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය .

රටට ආදරේ රට බේර ගන්න සිටින එකම කණ්ඩායම විදියට තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. බලයට එන විට කිව්වේ දේශියත්වය සුරක්ෂිත කරමින්, දේශිය සම්පත් ආරක්ෂා කරමින් දේශියත්වයට මුල් තැන දෙමින් දේශිය ආර්ථිකයක් ගොඩ නගමින් දේශිය නිෂ්පාදන ධාරිතාව වැඩි කරමින් ආනයන මත පදනම් නොවන ආර්ථිකයක් හදලා දේශියත්වයට ඉහල වටිනාකමක් දෙනවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. දැන් රටේ ජනතාව කියන්නේ ගෙවුණු අවුරුදු එක හමාරක කාලය තුල ආණ්ඩුවේ කයියයි ගදයි පමණක් ඉතිරි වෙලා කියලා.

මේ ආණ්ඩුවේ වැඩ ගමේ කෝපි කඩේ වගේ. වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම දේශියත්වය සුරක්ෂිත කිරීමක් ද පෝෂණය කිරීමක ද නිෂ්පාදනය ඉහල දැමීමක් ද නොවෙයි. වෘත්තිය සමිති කියන ආකාරයට මෙය අමු අමුවේ රට පාවල දෙන රටේ ජාතික සම්පත් විකුණන ද්‍රොහි ක්‍රියාවක් ලෙසයි. මේ තුල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉන්දියාවේ අදානි සමාගමට මෙය දෙන්නේ කොහොමද ජී.ටු ජී ගිවිසුමක් නම් එය ඉන්දු ශ්‍රි ලංකා අතර ඇති ගිවිසුමක් නම් අදානි සමාගම නම් කරපු ගිවිසුම රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා එය පෙන්විය යුතුයි. නැත්නම් අදානි සමාගම පමණක් නම් එය පැහැදිලි කර යුතුයි. අපිට පෙනී යන්නේ මේ තුල හොරා කෑමක් කොමිස් ගැහිල්ල තිබෙන බවයි.

දැන් අදානි සමාගමත් සමග ගිවිසුම 49%ක් නම් කොහොමද කළමනාකාරිත්වය සම්පූර්ණ එම සමාගමට දෙන්නේ. 51%ක් වරාය අධිකාරියට තියෙද්දි සම්පූර්ණ කළමනාකාරිත්වය කොහොමද අදානි සමාගමට දෙන්නේ. එසේ දුන්නම පසුව ඇති වන්නේ කුමක්ද? ඉන්දියාවේ අදානි සමාගම ලොකු වරායක් හැදුවම අපෙ රටේ ව්‍යාපාරය අනතුරකට ලක්වෙනවා. එහිදී එන යන නැව් මොනවාද තීන්දු ගැනීමේ වැඩි බලයක් තියෙන්නේ අදානි සමාගමට නිසා. මෙවැනි රටට ද්‍රෝහි වන ජාති ද්‍රෝහි වන සම්පත් විකුණන කයිය විතරක් ගහන ගද විතරක් ගහන ආණ්ඩුවක් බවට අද ආණ්ඩුව පත්වෙලා ඉවර බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

දැන් බටහිර පර්යන්තය දෙන්න යන බවට කථා වෙනවා එය ටෙන්ඩර් ක්‍රමයක් විය යුතුයි. වරාය අධිකාරිය යනු රටේ ආයතන වලින් විශාල ආදායමක් ලබන ජාතික සම්පතකි. එම නිසා මෙම ආයතන විකුණන එකට දැඩිව අපි විරුද්ධයි.
පුදුම වීමට දේකුත් නැහැ ගෝල්ෆේස් එක ළගට ගිහින් හිටගත්තම ඉස්සරහත් විකුණලා පිටුපසත් විකුණලා දැන් තියෙන්නේ නැගෙනහිරයි බටහිරයි විතරයි. මේවැනි ද්‍රෝහි වැඩ කරන්න එපා.වෘත්තිය සමිති සමගි අපි කෙලින් හිට ගන්නවා. එයට පැකිලෙන්නේවත් බිය වන්නේවත් නැහැ.

පසුගිය කාලයේ ශිෂ්‍යත්ව විභාගයයේ ප්‍රතිපල විශාල ලකුණු ගත්ත සිසුන් සිටියා. අද ගුරු සංගම් හා දෙමාපියන්ගේ වැඩි ඉල්ලීමක් තියෙනවා කොළඹ පාසල් සදහා බදවා ගන්න ලකුණු අඩු කරන ලෙසට එය සාධනීය ඉල්ලීමකි .මෙය අපි හදන නීති නොවෙයි 69 ලක්ෂයේ සිටින වෘත්තිය සමිති හා දෙමාපියන්ය . ඉල්ලීම් කරන්නේ කොළඹින් පිට අයයි එ අයත් 69 ලක්ෂයේ අයයි .මෙයට අවස්ථාව දෙන්න ආණ්ඩුව හිතු මතේට වැඩ නොකරන ලෙසට මන්ත්‍රීවරයා අවධාරණනය කලේය .

කොරෝනා සමග ජීවත් වෙන්න කියලා ඇමතිවරු ජනතාවට කියනවා අපි මුලදී කිව්වා මිත්‍යාව පස්සේ යන්න එපා කියලා කැළණිය නයි පෙන්නලා පැනි පෙන්නුවා .අපි ඒ ගැන කිව්වම අපිට කිව්වා දේශිය දේවල් වලට විපක්ෂය ගරහනවා කියලා. අපි ඇත්ත දේශප්‍රේමී අයයි. අපි කිව්වා පැණි ආවම සායනික පරීක්ෂණ කරන්න කියලා එක එක අය කාලි මැණි කිව්ව කියල පැණි පෙව්වා දැන් මටත් පුළුවන් හීනෙන් කිව්වා කියලා පැණියක් හදන්න .එහෙම හරියන්නේ නැහැ විද්‍යාත්මකව තහවුරු විය යුතුයි දැන් මොකද උනේ අන්තිමට ඇන ගත්තා දැන් එන්නත් ගෙන්නනවා මාධ්‍ය වල දැන් අලුත් නාට්‍ය එන්නත් කිරීමයි .සමහර මාධ්‍ය එන්නත් ගැන පෙන්නවා එදා පැණිය පෙන්නුවා අද එන්නත් පෙන්නනවා. පාසල් අරිනවනම් සාර්ථක වැඩපිළිවෙළක් හදන්න.දෙමාපියන් අසරණ වෙලා ඕන්ලයින් ඉගෙන ගන්න මුදල් නැ.ඩේටා ගොඩක් කැපෙනවා .නිසි ක්‍රමවේදයකට වැඩපිළිවෙළක් හදන්න කියලා කියනවා නැත්නම් අර ජලයෙන් කොවිඩ් බෝ වෙනවා කිව්ව වගේ වේවි යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21