දැඩි අනතුරුදායක තත්වයක් ! ඔබත් ප්‍රවේශම් වියයුතු කාලයයි මේ

පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල වාර්තා වු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සමග සංසන්දනය කරන විට පසුගිය සති කිහිපයේ පැහැදිලි ලෙසම කොවිඩ් රෝගීන්ගේ ක්‍රමානුකූල වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

රුපවාහිණි වැඩසටහනකට එක්වෙමින් පවුල් වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කර සිටියේ, මේ වන විට නිවෙස්ගත ප්‍රතිකාර සේවය ඔස්සේ රෝගීන් 4,295ක් සක්‍රීයව සිටින බවය.

දෙසැම්බර් මස 7 වන දා පැය 24ක කාලය තුළ දී රෝගීන් 524ක් අලුතින් ලියාපදිංචි වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

“නිවෙස්ගත ප්‍රතිකාර සේවාවේදී අපිට රෝහල්ගත කිරීමට සිදුවන රෝගීන් සංඛ්‍යාව ඉතාම අවම ප්‍රතිශතයක් තියෙන්නේ 1.5ක් වගේ. 7 වෙනිදා දවසේ දී 1,998ක් විතරයි අපි රෝහල්ගත කරලා තියෙන්නේ. සාර්ථකව ප්‍රතිකාර කරලා මුදාහැරලා තියෙනවා මේ පද්ධතියෙන් 114,531ක්. සුවිශේෂි තත්ත්වය වන්නේ, අපි ප්‍රතිකාර වැඩිහිටියන් ට, දරුවන් අවුරුදු 2 සිට 15 දක්වා සහ ගර්භණී මාතාවන් කළලයට සති 24ක් හෝ අඩු. ඒ අය ගත්තහම අපි ඇත්තටම 14,355ක් දරුවන්ට ප්‍රතිකාර දීලා තියෙනවා. ගර්භණී මාතාවන් 365 දෙනෙකුට දීලා තියෙනවා ප්‍රතිකාර. 7 වෙනිදා මුළු ලංකාවෙන්ම ඇතුළත් වෙලා තියෙන්නේ අලුත් රෝගීන් 11,555ක් නිවෙස්ගත රෝගීන් ඉන්නේ එයින් 4,295ක් පමණයි.”

ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එන්නත්කරණය ට යොමු වී නැත්තේ, පවුලේ තිබු රෝගී තත්ත්වයක් මත ඇතුවූ මිත්‍යා විශ්වාසයක් නිසා යැයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය.

ප්‍රශ්නය – පීසීආර් එකක් පොසිටිව් වෙච්ච කෙනෙක් කොහොම ද ලුණාව හොස්පිට්ල් එකට ගිහිල්ලා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත ගෙදර යන්න නිර්දේශ කරන්නේ ?

“එයාට ඇත්තටම කිසිම රෝග ලක්ෂණයක් තිබිලා නෑ. මේ කොරෝනා වෛරස් රෝගයේ දී සියයට 80කට ම ඇත්තටම රෝග ලක්ෂණ මතුවෙන්නේ නෑ. හැබැයි ඒ අය රෝගය ගැන දැනගෙන ගෙදරට වෙලා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් අනුව ජීවත්වෙන කොට රෝගයේ කිසිම සංකූලතාවයක් නොවී රෝග ලක්ෂණ මතුනොවී ඉතා පහසුවෙන් එම රෝගය සුවවෙනවා. වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය අවශ්‍ය උපදෙස් ඇයට ලබලා දීලා තියෙනවා. එතකොට එයාට යන්න පුළුවන්. කිසිම රෝගී ලක්ෂණයක් ඇයට තිබුණේ නෑ. රෝගියා ඉල්ලලා තියෙනවා එයාට යන්න ඕනේ කියලා හැමවෙලාවෙම. අපි වෛද්‍ය විද්‍යාවේ සාරධර්ම අනුව අපි රෝගියා යමක් ඉල්ලුවිට ඒ අනුව කටයුතු කරන්න බැඳිලා තියෙනවා. නිරෝධායන නීති එක්ක එය පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. නමුත් රෝගියාගේ දැඩි ඉල්ලීම මත එයාට වෙනම නිවසක් තියෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා ඒ අනුව එයාට පහසුවෙන් ජීවත්වෙන්න අවස්ථාව සලසන එක වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක්.”

ප්‍රශ්නය – දැන් ගෙදර දරුවෙක් පොසිටිව් වෙනවා මොන වෙලාවක හරි. හිතනවා තමන්ට රෝග කාරක තත්ත්වයන් තියෙනවා කියලා. ලොකු ගැටීමක් සිදුවෙන්නේ නෑ නිවසේ ඉන්න දෙමාපියන් එක්ක. එන්නත අරගෙන නෑ තවමත්. ඒ අවස්ථාවේ ගිහින් දෙමාපියන් එන්නත ලබාගැනීම ප්‍රමාණවත් ද ?

“දරුවෙක් පොසිටිව් වුණාම ඇත්තටම රෝග ලක්ෂණ දෙමාපියන්ට මතුවෙන්න කලින් තියෙන්න පුළුවන්. හැම වෙලාවෙම දරුවෙක් පොසිටිව් වුණාම ගෙදර සිටින අනෙක් අය රෝග ලක්ෂණ නෑ කියලා පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුයි. නැත්නම් රෝගය බෝකරන වාහකයන් වෙන්න පුළුවන්. ඒ බව තහවුරු වුණොත් ඔවුන්ට පුළුවන් ඒ අවස්ථාවේ දීම එන්නත ලබාගන්න කටයුතු කරන්න. හැබැයි දෙන්න ඕනේ පණිවුඩය තමා පූළුවන් හැකි ඉක්මනින් එන්නත ලබාගන්න කියලා. මිත්‍යා මත සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වෙනවා. බොහෝ අය ඒවා ඇත්ත කියලා හිතනවා ඒක නෙමෙයි ඇත්ත මේ තියෙන සංකූලතා සමග ජීවිත අවධානම අඩුකරගන්න නොවරදීම හා ඔමික්‍රෝන් වෛරසයෙන් බේරීමටත් ඇත්තටම ලෝකයේ මේ වන විට පර්යේෂණ කරගෙන යනවා. දැනට තියෙන දත්ත අනුව ඔමික්‍රෝන් වෛසරයටත් තාමත් තියෙනවා මේ වෛරසයට එරෙහි එන්නත්වලින් ආරක්ෂාවක් “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24