AFC Banner
AFC Banner
Empty Ad

දළදා මාළිගය තුළ යුවළක් කළ ප්‍රී ශූට් එක ගැන පොලිස් පරීක්ෂණ

පසුගියදා විවාහ ගිවිසගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ සිදුකළ ඡායාරුප ගතකිරීමේ සිද්ධියක් (ප්‍රී ශූට්) සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

අදාළ යුවළ දළඳා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන කිහිපයක සිට මෙම ඡායාරුප ගතකිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී දළදා මාලිගාව තුළ මේ ආකාර සිදුවීමක් සිදුව තිබෙන බව තමන්ට ද දැනගන්නට ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළා.

අදාළ යුවළ සහ ඡායාරූප ශිල්පීන් හෙට (09) දිනයේ මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඡායාරුප ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
10
+1
3
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?