දස වසරකට පෙර කෙලසූ බාලවයස්කාර දැරියක් වෙනුවෙන් නීතියේ සාධාරණත්වය හිමිවෙයි

මීට වසර 10කට පෙර කුලී නිවසක විසූ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (11) දිනයේ දී බරපතළ වැඩ සහිත ව වසර 10ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.

මෙම නඩුව අද දිනයේ දී විභාගයට ගැනුණේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ දී යි.

චෝදනාවට ලක් වූ විත්තිකාර පාර්ශ්වය විසින් මීට වසර 10කට පෙර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටි දැරියක් මෙලෙස දූෂණයට ලක් කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි අද දිනයේ දී මෙම නඩු තීන්දුව හිමිවූයේ.

ඒ අනුව විත්තිකාර පාර්ශ්වයට විනිසුරුවරයා විසින් සිර දඬුවම්වලට අමතර ව රුපියල් 10,000ක් වන දඩයක් ද, රුපියල් 50,000ක් වන වන්දි මුදලක් ද වින්දිත පාර්ශ්වය වෙනුවෙන් ගෙවීමට නියම කරනු ලැබුවා.

එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දඩයක් බවට පත් කිරීමටත්, තවත් වසර 02ක සිර දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවටත් නියම කරන බව ද දැනුම්දුන්නා.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙසටයි.

නමුත් එය මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ප්‍රතික්ෂේප කළා.

රජයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ හරීන්ද්‍ර ජයසිංහ විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරියේ දී සමාජය තුළ මෙවැනි අපරාධ සිදු නොවීමට වගබලා ගැනීමට විත්තිකරුට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුවයි මෙම නඩු තීන්දුව ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
16
+1
2
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10