දලයි ලාමා තුමන්ට සම්මානයක්

සාමය, දයානුකම්පාව, අධ්‍යාපනය සහ මානව හිමිකම් සඳහා ඔහුගේ ජීවිත කාලය පුරා ම කළ කැපවීම අගයමින් දලයි ලාමාට සම්මානයක් හිමි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිමාචල් ප්‍රදේශ් හි ධර්මසාලා හි පිහිටි ඔහුගේ නිවසේ දී රන් රසදිය සම්මානයක් පිරිනමනු ලැබූ බවයි.

ගෝල්ඩ් මර්කරි ඉන්ටර්නැෂනල් හි සභාපති සහ මහලේකම් නිකොලස් ඩි සැන්ටිස් විසින් දලෙයි ලාමාගේ ගැඹුරු ගෝලීය බලපෑම අගයමින් 2025 සාමය සඳහා වූ රන් රසදිය සම්මානය මෙලෙස ප්‍රදානය කෙරුණා.

“2025 සාමය සහ තිරසාරභාවය සඳහා වූ රන් රසදිය සම්මානය ඔබට පිරිනැමීම ගැඹුරු ගෞරවයක්. ඔබ ප්‍රඥාව, දයානුකම්පාව සහ සාමය සඳහා වූ නොසැලෙන කැපවීම ලෝකයට ආස්වාදයක් ලබා දුන් නායකයෙක්” යැයි සැන්ටිස් මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?