දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් තාත්තා රිමාන්ඩ්

තම බිරිඳ ඝාතනය කිරීම සදහා අත්බෝම්බයක් රැගෙන පැමිණ, දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි පුද්ගලයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු අද (06) දිනයේ හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (05) රාත්‍රියේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ රැඳී සිටි සිය බිරිඳ ඝාතනය කිරීම සඳහා මෙම පුද්ගලයා අත්බෝම්බයක් ද රැගෙන පැමිණ තිබෙනවා.

විදේශගතව සිටි සැකකරු කෙටි කලකට මෙරටට පැමිණ ඇති අතර අඹු සැමි අඩ දබර නිසාවෙන් කාන්තාව වෙනත් පුද්ගලයකු සමඟ ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ රැදී සිට ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගමක නියෝජිතයෙකු ලෙසයි එම නිවසට පැමිණ ඇත්තේ.

සැකකරු එම නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයකටම ගොස් ඇති අතර, තම දරුවන් දෙදෙනා එක් නිවසක මිදුලේ සෙල්ලම් කරනු දැක අදාළ නිවසට පැමිණ බිරිද ඝාතනය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

ඒ, අවස්ථාවේ දී බිරිඳ එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර, සැකකරු විසින් දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගැනීමට කටයුතු කර තිබුණා.

මෙලෙස ප්‍රාණ ඇපයට ගැණුනේ වයස අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු එකයි මාස 8ක කුඩා පිරිමි දරුවෙක්.

සැකකරු අත්බෝම්බයේ අගුල හැර තබාගෙන දරුවන් ප්‍රාණ ඇපයට තබා සිටි අතර, පොලිස් විශේෂ කාර්‍ය බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් සැකකරු සමඟ සාකච්ඡා කර අත්බෝම්බයේ අගුල යළි ස්ථාන ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැය නවයක් තිස්සේ සැකකරු සමඟ සාකච්ඡා කරමින් ඉල්ලා සිටියේ දරුවන් දෙදෙනාට හානි නොකර නිවසෙන් පිටතට පැමිණි ලෙසයි.

එහෙත් සැකකරු එම ඉල්ලීම්වලට සවන් නොදෙමින් දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටීම නිසාවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එක්වරම කාමරයේ දොරවල් කඩා දමා සැකකරු අත්අඩංගැනීමට කටයුතු කර තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු 38 හැවිරිදි සැකකරු හංවැල්ල පොලීසිය විසින් අද (06) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

මේ අතර ප්‍රාණ ඇපයට ගත් දරුවන් දෙදෙනාට සැකකරු විසින් යම් එන්නතක් ලබාදී ඇති බැවින් ඔවුන් දෙදෙනා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රථිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19


?