අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදී, ඒ බලාපොරොත්තුවේ ආලෝකයයි – සජිත් නත්තල් පණිවුඩයෙන් කියයි

ලොවපුරා කිතුනු බැතිමතුන් උත්කර්ෂවත් අයුරින් සමරන අසිරිමත් නත්තල අද (25) දිනය දී ඇති අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් පසු රටක් ලෙස නැවත ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත් ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යමු යැයි ඔහු සිය නත්තල් සුබ පැතුමේ සඳහන් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ නත්තල් සුබ පැතුම පහතින්,

”අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදී. ඒ බලාපොරොත්තුවේ ආලෝකය යි. දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතුය. ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යමු.”