දරුවන් දහම්පාසල් යැවීම අනිවාර්ය කළ යුතුයි – අගමැති කියයි

බෞද්ධයන් ලෙස සතියකට දිනක් හෝ අවම වශයෙන් පොහොය දිනකට පන්සල් යාම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

පුත්තලම, මාදම්පේ, ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි විහාරාධිපති පුජ්‍ය දේවහන්දිියේ සද්ධානන්ද හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුබ පැතුම් එක්කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

අනතුරුව ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ මකර තොරණ විවෘත කිරීමෙන් පසු සිය පැමිණිම සංකේතවත් කරමින් රත් හදුන් පැලයක් රෝපණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.

එහිදි අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කර ගැනීම තුළින් නිසි මගට යොමු වීම සිදුවන බවයි.

එමෙන්ම දරුවන් ඉරිදා දහම්පාසල් යැවීම ද අනිවාර්ය කළ යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා දරුවන් යහමගට යැවීම සඳහා සුදුසුම ස්ථානය පන්සල සහ බෞද්ධ භික්ෂුන්වහන්සේගේ මග පෙන්වීම බව ද වැඩදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?