Update – නඩු කටයුතු අවසන් කළ හෙරොයින් කිලෝ 170ක් විනාශ කෙරේ

නඩු කටයුතු අවසන් කර විනාශ කිරීමට නියමිත තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 170ක ප්‍රමාණයක් අද (02) වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි පොලිස් දහන උදුනේ දී විනාශ කෙරුණා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක.එස්. බෝදරගම මහතාගේ අධීක්ෂණය යටතේයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද (02) උදෑසන විනශ කිරීම සඳහා භාරදෙනු ලැබුවා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාවක් යටතේ මෙම මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි පොලිස් දහනට රැගෙන ගොස් විනාශ කර තිබෙනවා.