සභාපතිව අත්අඩංගුවට ගන්න පොලිසිය ඇවිත් මතුගම ප්‍රා.සභාවේ උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

මතුගම ප්‍රාදේශීය සභා කාර්යාලය තුළ අද (02) දහවල් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේ දී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී ප්‍රාදේශීය සභා සේවකයින් විසින් සභාපතිවරයාව ඔහුගේ නිල කාමරයට දමා අඟුළු දැමීමට කටයුතු කර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම පොලිස් වාහනවලට ප්‍රාදේශීය සභා භූමියෙන් පිටතට යාමට නොහැකිවන ලෙස ප්‍රාදේශීය සභාවේ වාහන මාර්ගය අවහිර වන සේ නවතා තැබීමට ද සේවකයින් කටයුතු කර තිබෙනවා.

මේ අතර ප්‍රාදේශීය සභා සේවකයින් විසින් පොලිසියේ ක්‍රියාකලාපයට විරෝධය පා විරෝධතා පුවරු ද අතැතිව විරෝධත්වයක නිරත වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරුද්ධව අද (02) උදෑසන ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ විසින් මතුගම පොලිසිය ගොස් පැමිණිල්ලක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත් එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12