දරුවන් ගැන රජයෙන් ගත් තීරණය

විවිධ හේතුන් මත දුෂ්කරතාවයට පත්වී සිටින දරුවන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම වැඩපිළිවෙල අද (24) නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භවීමට නියමිතය.

මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා,

“අපි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. එහි බලාපොරොත්තුව විශේෂයෙන්ම මව්පියන් අහිමිවූ දරුවන්, පාසල් නොයන දරුවන්, අපයෝජන, හිංසන සිද්ධි සම්බන්ධව වැඩි අවධානය යොමු කරන්න. ඒ අනුව ඊට අවශ්‍යකරන විසඳුම් ලබාදීම මෙහි අරමුණ. ඒ වගේව වීථි දරුවෝ පිළිබඳවත් යම් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනිවාර්යයෙන්ම මේ දරුවන් වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්න ඕනේ. විශේෂයෙන්ම ගෘහසේවය යම්කිසි කාන්තාවක් රැකියාව හැටියට යොදා ගන්නවා නම් ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය, වනිතා සංවර්ධන නිලධාරී නිර්දේශය, ළමා හිමිකම් නිලධාරියාගේ නිර්දේශයත් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුමයි ඒ සේවයට ගන්න කෙනාව. සමහර තිබිච්ච නීතිරීති පසුකාලීනව ක්‍රියාත්මක වෙලා නෑ.” 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?