ඇමරිකානු ගුවන් යානයක් ඉරාකයේ දී කඩාවැටෙයි

ඉරාන යුද මෙහෙයුම් සඳහා යොදාගත් ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

‘Boeing KC-135 Stratotanker’ වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ “සිදුවීමකින්” පසු ඉන්ධන පිරවීමේ හමුදා KC-135 ගුවන් යානයක් කඩා වැටී ඇති බවත් එය සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් නිසා සිදුවූවක් නොවන බවයි ඇමරිකාව පවසන්නේ.

,එමෙන්ම අනතුරට සිද්ධියට සම්බන්ධ වූ දෙවනි ගුවන් යානය මේ වනවිට ආරක්ෂිතව ගොඩබස්වා ඇති බවයි ඇමරිකානු වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර බටහිර ඉරාකයේ දී මෙම KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානය කඩාවැටීමේ වගකීම ඉරානයේ සහාය ලබන ‘ඉරාක ඉස්ලාමීය ප්‍රතිරෝධී ව්‍යාපාරය භාරගෙන තිබෙනවා.

ත්‍රස්ත සංවිධානයක් වන එම ව්‍යාපාරය පවසන්නේ තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් යානය ඉලක්ක කර සාර්ථකව දියත්කළ ප්‍රහාරයකින් පසු එය බිම හෙලූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12