දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 654ක් – සැකකරුවන් අද අධිකරණයට

දකුණු මුහුදේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායෙන් ගොඩබිමට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය, ආයුධ සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබෙනවා.

ඒ, අනුව සැකකරුවන් අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවේ.

නාවික හමුදාව විසින් සිය භාරයට ගැනුණු මම බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478ක් සහ හෙරෙයින් කිලෝග්‍රෑම් 176ක් මෙලෙස සොයාගැනුණු මත්ද්‍රව්‍ය තොගයට අයත්.

මත්ද්‍රව්‍ය තොගයට අමතරව යාත්‍රාවේ තිබී ටී -56 ගිනි අවි දෙකක්, නවීකරණය කරන ලද එම් -16 ගිනි අවියක් සහ පිස්තෝල අටක් සොයා ගැනුණා.

මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් පැවසුවේ අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන යාත්‍රාවට සහාය වූ බවට විශ්වාස කෙරෙන තවත් යාත්‍රාවක් ද ගොඩබිමට ගෙන ආ බවයි.

යාත්‍රා දෙකේ සිට අත්අඩංගුවට ගැනුණු සමස්ත සැකකරුවන් ගණන 10ක් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

  1. මුන් ඩීසල් සහනාධාර අරගෙන මාළු අල්ලන්න යනවා කියල ගේන්නෙ කුඩුනේ.
    ඔය අල්ල ගත්තු එවුන්ගෙ අතක් හෝ කකුලක් මුහුදෙදීම කපල ගෙනාවනම් අනික් එවුන්ටත් හොඳ පාඩමක් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33