දරුවන්ට මව සහ පියා අහිමි කළ වන අලි ප්‍රහාරය

තම කුඹුරේ පැල් රකිමින් සිටි අඹුසැමි යුවළක් වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැබිතිගොල්ලෑව සියඹලාගස්වැව ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුවී ඇති අතර ඔවුන් වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද අලුයම මියගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ (23) මධ්‍යම රාත්‍රි 12 ට පමණ වන අලි ප්‍රහාරය සිදුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ තිත්තගෝනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි අඹුසැමි යුවළක්.

ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මියගිය යුවළගේ නිවස පිටුපසට මීටර් සීයක් පමණ දුරින් පිහිටා තිබූ කුඹුරක අඩි 12ක් පමණ උසට කණු සිටුවා සකසා තිබූ පැලක මොවුන් පැල් රකිමින් සිට ඇති බවයි.

මධ්‍යම රාත්‍රී 12ට පමණ එකවර ම තනි අලියෙකු මෙම පැලට කඩා වැදී ඇති බවයි හෙළිවී ඇත්තේ.

අලියාගේ පහරදීමෙන් අඹුසැමි යුවළ ද සමඟ පැල සම්පූර්ණයෙන් බිමට කඩා වැටී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව ඥාතීන් විසින් ගිලන් රථයක් ගෙන්වාගෙන තුවාල ලැබූ මෙම යුවළ කැබිතිගොල්ලෑව රෝහලට රැගෙන ගොස් තිබුණා.

ඔවුන්ගේ තත්වය බරපතල බැවින් පසුව වව්නියාව මහ රෝහලට මාරු කර යැවීමටයි වෛද්‍යවරුන් කටයුතු කර ඇත්තේ.

පොලිසිය පවසන්නේ එහිදී අද අලුයම 2ට පමණ ඔවුන් මියගොස් ඇති බවයි.

වන අලියාගේ පහරදීමෙන් අඹුසැමි යුවළගේ පපුවෙන් පහළ කොටස්වලට බරපතල හානි සිදුවී තිබු බවද හෙළිවී තිබෙනවා.

මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21