දරුවකු අපයෝජනය කළ සේවිකාවක අත්අඩංගුවට

දරුවකු බලහත්කාරයෙන් රඳවාගෙන ලිංගික අපයෝජනයට ලක් කළැයි පැවසෙන රස කැවිලි නිෂ්පාදන ආයතනයක සේවිකාවක සහ එහි හිමිකරු පොලීස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දරුවා මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුව ලද බාලවයස්කාර පිරිමි දරුවකු වෙයි.

අදාළ වෘත්තීය පුහුණු ආයතනය මගින් මහනුවර බහිරව කන්ද ප‍්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනයට විශේෂ අවශ්‍යතා ඇති පිරිමි දරුවන් සිව් දෙනකු යොමු කර ඇති අතර, එම දරුවන්ට නිවෙස්වලට යාමට නොදී මෙම කාන්තාව විසින් එම බාලවයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්කර ඇති බවට පැමිණිල්ල සිදුකර ඇත.

ඒ අනුව කාන්තාවගේ හිංසනයට ලක්විය නොහැකිව එම ස්ථානයෙන් පිරිමි ළමුන් තිදෙනකු පැනගොස් තිබේ. අනතුරුව ආයතනයේ කාමයක් තුළ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට පැවසෙන ළමයාගේ දෙමාපියන් මහනුවර පොලීසියට පැමිණිලි කර ඇත.

සැකරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශන අරඹා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?