දයාසිරිගේ ප්‍රකාශයක් ගැන දුමින්දගෙන් තවත් ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවට මහලේකම් දයාසිරි ජයසේකර සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පක්ෂයේ ජාතික සංවිධායක වන ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දයාසිරි ජයසේකර සිදු කළ ප්‍රකාශය අසත්‍යයක් බවයි.

එම අසත්‍ය පුවත සම්පූර්ණයෙන්ම හෙළා දකින අතර තමා පක්ෂයේ සියලු වගකීම්වල කාර්ය භාර්යය නිසි ලෙස ඉටු කරමින් සිටින බව ද දුමින්ද දිසානායක මහතා යොමු කළ නිවේදනයේ සඳහන්.

නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගිය 9 වනදා ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් කරුණු සත්‍ය සහ නිවැරදි වන අතර එහි ඇතුලත් කරුණුවල පූර්ණ වගකීම භාර ගන්නා බව ද දුමින්ද දිසානායක මහතා ප්‍රකාශකර තිබෙනවා.

අදාළ ලිපිය මගින් ඔහු පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය හේතුවෙන් පක්ෂයේ ගමන දුර්වල වන බවයි.

පළාත් පාලන මැතිවරණයකට සූදානම් වෙමින් සිටියදී පක්ෂ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම්කාරී සහ කැරලිකාර ස්වභාවයක් ගනු ලැබූ බව ද ඔහු එමගින් පෙන්වා දී තිබුණා.

මේ අතර මාධ්‍ය හමුවක් කැඳවමින් නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ නිදහස් පක්ෂය නැගී සිටින සෑම අවස්ථාවකදීම එය දුර්වල කිරීමට සහ තම පටු අරමුණු ඉටු කර ගැනීමට ඇතමුන් කටයුතු කරන බවයි.

දුමින්ද දිසානායක මහතා යොමු කළ ලිපිය තේරුම් නොගෙන පක්ෂයේ ඉහළම තලය නියෝජනය කරන දේශපාලන මණ්ඩලය මෙන්ම පාක්ෂිකයන් කටයුතු නොකිරීම හාස්‍යයට කරුණක් බව ද දයාසිරි ජයසේකර සඳහන් කරනවා.

Duminda Disanayake Letter1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?