දයාසිරිගේ ප්‍රකාශයක් ගැන දුමින්දගෙන් තවත් ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවට මහලේකම් දයාසිරි ජයසේකර සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පක්ෂයේ ජාතික සංවිධායක වන ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දයාසිරි ජයසේකර සිදු කළ ප්‍රකාශය අසත්‍යයක් බවයි.

එම අසත්‍ය පුවත සම්පූර්ණයෙන්ම හෙළා දකින අතර තමා පක්ෂයේ සියලු වගකීම්වල කාර්ය භාර්යය නිසි ලෙස ඉටු කරමින් සිටින බව ද දුමින්ද දිසානායක මහතා යොමු කළ නිවේදනයේ සඳහන්.

නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගිය 9 වනදා ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් කරුණු සත්‍ය සහ නිවැරදි වන අතර එහි ඇතුලත් කරුණුවල පූර්ණ වගකීම භාර ගන්නා බව ද දුමින්ද දිසානායක මහතා ප්‍රකාශකර තිබෙනවා.

අදාළ ලිපිය මගින් ඔහු පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය හේතුවෙන් පක්ෂයේ ගමන දුර්වල වන බවයි.

පළාත් පාලන මැතිවරණයකට සූදානම් වෙමින් සිටියදී පක්ෂ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම්කාරී සහ කැරලිකාර ස්වභාවයක් ගනු ලැබූ බව ද ඔහු එමගින් පෙන්වා දී තිබුණා.

මේ අතර මාධ්‍ය හමුවක් කැඳවමින් නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ නිදහස් පක්ෂය නැගී සිටින සෑම අවස්ථාවකදීම එය දුර්වල කිරීමට සහ තම පටු අරමුණු ඉටු කර ගැනීමට ඇතමුන් කටයුතු කරන බවයි.

දුමින්ද දිසානායක මහතා යොමු කළ ලිපිය තේරුම් නොගෙන පක්ෂයේ ඉහළම තලය නියෝජනය කරන දේශපාලන මණ්ඩලය මෙන්ම පාක්ෂිකයන් කටයුතු නොකිරීම හාස්‍යයට කරුණක් බව ද දයාසිරි ජයසේකර සඳහන් කරනවා.

Duminda Disanayake Letter1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03