දඩයක්කරුවන් දමා ගිය මුවාට අධිකරණයෙන් දුන් නියෝගය

මද්දකට හසු කර මරා මස් කිරීමට සූදානම් කර තිබියදී දඩයක්කරුවන් පිරිසක් විසින් දමා ගොස් තිබු මුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම මුවාගේ සිරුර වළ දමන ලෙසට පොලිසියට නියෝග කර තිබෙනවා.

කැබිතිගොල්ලෑව පොදු සුසාන භූමියේදී මුවාගේ සිරුර වළ දමන ලෙසටයි කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කංචන දසනායක මහතා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට නියෝග කළේ.

පාළුහල්මිල්ලවැව ප්‍රදේශයේ කැලෑවක ගසක එල්ලෙමින් තිබියදී කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (14) උදැසන 9ට පමණ මුවා ගේ සිරුර සොයාගෙන තිබුණා.

දඩයක්කරුවන් විසින් මිය ගිය මුවා ගසක එල්ලා මස් කිරීමට සූදානම් කර තිබියදී පොලිසිය විසින් එලෙස සොයාගෙන තිබූ අතර පොලිසිය පැමිණෙන බවට ලැබුණු තොරතුර හේතුවෙන් දඩයක්කරුවන් එම ස්ථානයෙන් පළා ගිය බවත් මුවාගේ සිරුර පමණක් තම භාරයට ගත් බවත් පවසා පොලිසිය අධිකරණයට මුවාගේ සිරුර ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව කරුණු සලකා බැලූ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අධිකරණයේ විශේෂ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ මුවාගේ සිරුර කැබිතිගොල්ලෑව පොදු සුසාන භූමියේදී වළ දමන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?