දඩයක්කරුවන් දමා ගිය මුවාට අධිකරණයෙන් දුන් නියෝගය

මද්දකට හසු කර මරා මස් කිරීමට සූදානම් කර තිබියදී දඩයක්කරුවන් පිරිසක් විසින් දමා ගොස් තිබු මුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම මුවාගේ සිරුර වළ දමන ලෙසට පොලිසියට නියෝග කර තිබෙනවා.

කැබිතිගොල්ලෑව පොදු සුසාන භූමියේදී මුවාගේ සිරුර වළ දමන ලෙසටයි කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කංචන දසනායක මහතා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට නියෝග කළේ.

පාළුහල්මිල්ලවැව ප්‍රදේශයේ කැලෑවක ගසක එල්ලෙමින් තිබියදී කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (14) උදැසන 9ට පමණ මුවා ගේ සිරුර සොයාගෙන තිබුණා.

දඩයක්කරුවන් විසින් මිය ගිය මුවා ගසක එල්ලා මස් කිරීමට සූදානම් කර තිබියදී පොලිසිය විසින් එලෙස සොයාගෙන තිබූ අතර පොලිසිය පැමිණෙන බවට ලැබුණු තොරතුර හේතුවෙන් දඩයක්කරුවන් එම ස්ථානයෙන් පළා ගිය බවත් මුවාගේ සිරුර පමණක් තම භාරයට ගත් බවත් පවසා පොලිසිය අධිකරණයට මුවාගේ සිරුර ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව කරුණු සලකා බැලූ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අධිකරණයේ විශේෂ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ මුවාගේ සිරුර කැබිතිගොල්ලෑව පොදු සුසාන භූමියේදී වළ දමන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16