ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු පත් කර තිබෙනවා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාව ප්‍රකාරව අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය අනුමණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස සේවය කරන මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ලෙසද රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙසද කටයුතු කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියා.






