දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ වටමේස සාකච්ඡාව ශ්‍රී ලංකාවේදී

දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි සත්කාරකත්වය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සිදු කිරීමට නියමිත අතර සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තොබර් 24 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීයි පැවැත් වීමට සැලසුම් කර ඇත්තේ.

මෙහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

චීනයේ ෂෙන්සෙන්හි හොංග්ෆා විහාරස්ථානයේ (Hongfa Temple) මූලිකත්වයෙන් 2016 වර්ෂයේ සිට සංවිධානය කරනු ලබන දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව වාර්ෂිකව අන්තර්ජාතික කථිකාවතක් ලෙස පැවැත්වෙන බවත් “සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න” (Walk Together in Harmony and Gather the Wisdom of the Silk Road) තේමාව යටතේ රටවල් 22ක සහභාගීත්වයෙන් මෙවර එය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බවත් මෙහිදී සඳහන් කෙරුණා.

මෙම සමුළුව සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන වලින් ඉටුකර ගැනීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳව ද මෙහිදි සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

බෞද්ධ හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බෞද්ධ හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සහ අදාළ රේඛීය ආයතන නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?