දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ වටමේස සාකච්ඡාව ශ්‍රී ලංකාවේදී

දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි සත්කාරකත්වය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සිදු කිරීමට නියමිත අතර සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තොබර් 24 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීයි පැවැත් වීමට සැලසුම් කර ඇත්තේ.

මෙහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

චීනයේ ෂෙන්සෙන්හි හොංග්ෆා විහාරස්ථානයේ (Hongfa Temple) මූලිකත්වයෙන් 2016 වර්ෂයේ සිට සංවිධානය කරනු ලබන දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව වාර්ෂිකව අන්තර්ජාතික කථිකාවතක් ලෙස පැවැත්වෙන බවත් “සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න” (Walk Together in Harmony and Gather the Wisdom of the Silk Road) තේමාව යටතේ රටවල් 22ක සහභාගීත්වයෙන් මෙවර එය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බවත් මෙහිදී සඳහන් කෙරුණා.

මෙම සමුළුව සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන වලින් ඉටුකර ගැනීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳව ද මෙහිදි සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

බෞද්ධ හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බෞද්ධ හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සහ අදාළ රේඛීය ආයතන නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23