දකුණු ඉන්දීය වෙරළ තීරයේ දී ගිනිගන්නා නෞකාවෙන් මෙරට වෙරළටත් බලපෑම්?

කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝල (පැලට්ස්) විශාල ප්‍රමාණයක් හලාවත වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පවසනවා.

හලාවත – තාලාඩිය ප්‍රදේශයේ සිට මෝය දක්වා සැතපුම් 02ක පමණ ප්‍රමාණයක මෙම ප්ලාස්ටික් බෝල දකින්නට ලැබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අද (12) අලුයම් කාලයේ සිට මෙම ප්ලාස්ටික් බෝල වෙරළට ගොඩ ගසමින් පවතින බව ද ධීවරයින් කියා සිටියා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත් වූ අවස්ථාවේ දී ද මේ ආකාරයට ප්ලාස්ටික් බෝල විශාල ප්‍රමාණයක් හලාවත සහ අවට වෙරළ තීරයට ගොඩ
ගැසූ බව හලාවත – වැල්ල ධීවර සමිතියේ සභාපති ඇන්ටන් රොෂාන්ත මහතා පැවසුවා.

එම නෞකාව අනතුරට පත් වූ කාලයේ සිට මේ වන විට හලාවත මුහුදු තීරය තුළ මත්ස්‍යයින් විශාල ලෙස අඩු වී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය දිනක ඉන්දීය මුහුදු තීරයේ දී අනතුරට පත්වූ නෞකාවෙන් මුහුදට එක් වූ බහාලුම්වල තිබූ ප්ලාස්ටික් බෝල මේ ආකාරයට ගසා ගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බවයි ධීවර නිලධාරීන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරිය දැනුවත් කර කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන බව පුත්තලම දිසා ලේකම්
සුනන්ද හේරත් මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34