කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝල (පැලට්ස්) විශාල ප්‍රමාණයක් හලාවත වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පවසනවා.
හලාවත – තාලාඩිය ප්‍රදේශයේ සිට මෝය දක්වා සැතපුම් 02ක පමණ ප්‍රමාණයක මෙම ප්ලාස්ටික් බෝල දකින්නට ලැබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
අද (12) අලුයම් කාලයේ සිට මෙම ප්ලාස්ටික් බෝල වෙරළට ගොඩ ගසමින් පවතින බව ද ධීවරයින් කියා සිටියා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත් වූ අවස්ථාවේ දී ද මේ ආකාරයට ප්ලාස්ටික් බෝල විශාල ප්‍රමාණයක් හලාවත සහ අවට වෙරළ තීරයට ගොඩ
ගැසූ බව හලාවත – වැල්ල ධීවර සමිතියේ සභාපති ඇන්ටන් රොෂාන්ත මහතා පැවසුවා.
එම නෞකාව අනතුරට පත් වූ කාලයේ සිට මේ වන විට හලාවත මුහුදු තීරය තුළ මත්ස්‍යයින් විශාල ලෙස අඩු වී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය දිනක ඉන්දීය මුහුදු තීරයේ දී අනතුරට පත්වූ නෞකාවෙන් මුහුදට එක් වූ බහාලුම්වල තිබූ ප්ලාස්ටික් බෝල මේ ආකාරයට ගසා ගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බවයි ධීවර නිලධාරීන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරිය දැනුවත් කර කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන බව පුත්තලම දිසා ලේකම්
සුනන්ද හේරත් මහතා ප්‍රකාශ කළා.





